|
වලව්ව පිස්කල් රාලහාමි |
නැදුන්ගොල්ලේ රාළහාමි |
මිරිසේ රාපක්ෂ මහතා |
19 වන සියවසේ කොළඹ පරම විඥාණාර්ථ බෞද්ධ සමාගමට අයත්ව තිබුණු මෙම භූමි කොටස පෞද්ගලික ලෙස ආරම්භ විය ඒදවස පළාත් ලේකම් වශයෙන් සිටි වලව්ව පිස්කල් රාලහාමි මහතා ශාලාවක් ඉදි කර තිබේ.මෙය කල්එළිය පාසල ඇති ස්ථානයේ ආරම්භ කරන ලද මුල් ම ගොඩනැගිලලයි.
1915 වසරේ දී අභිනව පාසල බිහි වු අතර පාසල් ගොඩනැගිලි පොල් අතු සෙවිලි කර තිබු බවත් පාසලේ ළමුන් 25 දෙනෙකුත් පමණ අධ්‍යාපනය ලැබු බවත් එවකට පාසලේ මුල් ගුරුවරයා වශයෙන් ඉඹුල්ගොඩ මහත්මිය ප්‍රධානත්වය දැරූ බවත් ඉතිහාස තොරතුරු වලින් අනාවරණය වෙයි.
එදවස පාසලේ දියුණුව සඳහා උදව් උපකාර කළ පිරිසක් ගැන ඉතිහාස තොරතුරු වල සඳහන් වෙයි. වළව්වේ පිස්කල් රාළහාමි , නැදුන්ගොල්ලේ රාළහාමි, මිරිසේ රාපක්ෂ මහතා ආදී මහත්වරුන් පෙන්වා දිය හැකි ය.






