බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

ක්‍රීඩා උත්සවය 2024

පොසොන් පොහොය වැඩසටහන

slider6.jpeg
slider6.jpeg

විදුහල්පති පණිවිඩය

එම්.ජී. විමල්සේකර මිය

 සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලයීය වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමි. අධ්‍යාපනයේ  අරමුණ වන්නේ පරිපූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියෙකු සමාජයට දායාද කිරීමයි. සිරි විද්‍යාකීර්තියේ දැක්ම වන්නේ ද අභියෝග ජය ගත හැකි  පෞරුෂයකින්  හෙබි දරු පරපුරක් සමාජයට බිහි කිරීමයි. කෙසේ වෙතත්,වර්තමාන තරඟකාරි සමාජය තුල සමබර හා පරිපූර්ණ පෞරුෂයක් සහිත දරුවෙකු ගොඩනැගීම පහසු කාර්යයක් නොවේ. සිසුන්ට ඔවුන්ගේ රුචි අරුචිකම් ගවේෂණය කිරීමට සහ ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට දිරිමත් කරන ආරක්ෂිත හා සහායක වාතාවරණයක් නිර්මාණය කිරීමට අපි උත්සාහ කරමු. අපගේ පාසල විවිධාකාර අධ්‍යාපන වැඩසටහන්, විෂය බාහිර  ක්‍රියාකාරකම් සහ පුද්ගලික වර්ධනය සඳහා අවස්ථා ලබා දෙයි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගමින් බස්නාහිර පළාතේ ඇති දීප්තිමත් පාසලක් වනු දැකීම මාගේ ඒකායන ප්‍රාර්ථනයයි. අපගේ දැක්ම, මෙහෙවර සහ අප ඉදිරිපත් කරන විවිධ වැඩසටහන් පිළිබඳ වැඩිවිස්තර දැන ගැනීම සඳහා අපගේ වෙබ් අඩවිය ගවේෂණය කිරීමට මම ඔබට ආරාධනා කරමි. 

 

 

 

එම්.ජී. විමල්සේකර මිය
විදුහල්පති
බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය.