බප/මිනු සිරි විද්‍යාකීර්ති කනිෂ්ඨ විද්‍යාලය

ක්‍රීඩා උත්සවය 2024

පොසොන් පොහොය වැඩසටහන

slider6.jpeg
slider6.jpeg
  • සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක ම පෙ.ව. 7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර පෙ.ව. 7.30 ට පෙර පංතිකාමර හා වෙන්කර දී ඇති ස්ථාන පවිත්‍ර කොට අවසන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් පන්තිභාර ගුරුවරයා හා අදාළ ශිෂ්‍ය නායක නායිකාවන් වගකීමනේ ක්‍රියා ඛල යුතු ය. අවසරයකින් තොරව පෙ.ව. 6.45 ට පෙර පාසලට ඇතුළුවීම සපුරා තහනම් වේ.
  • පාසල ආරම්භ කිරීමේ සීනුව නාදකිරීමත් සමගම සියලුම දරුවන් ගුරු භවතුන් රැස්වීම් පැවැත්වෙන නියමිත ස්ථානවලට පැමිණිය යුතුය.
  • උදෑසන ආගමික වතාවත් හා ජාතික ගීතය පාසල් ගීතය වාදනය වන විටත් හවස ඡත්ථමානවක ගාථා වාදනය වන විටත් සිසු දරුවන් ගුරු භවතුන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා පාසල තුළ රුදී සිටින සියලු දෙනා ස්වකීය කාර්යභාරයන්ගෙන් වැලකී එම කටයුතුවලට ගෞරවයෙන් හා සක්‍රීයව සහභාගී විය යුතුය.
  • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවත් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
  • විද්‍යාලය සතු දේපල හා භාණ්ඩ ආරක්ෂා කිරීම ඔබේ වගකීමකි. විද්‍යාලීය නිල ලාංඡනය හා කර පටිය සහිතව නිල ඇදුමෙන් පාසලෙන් පසු නගරයේ ගැවසීම ද දඩුවම් ලැබිය හැකි වරදකි.
  • පාසලට පැමිණිමටත් බැහැරව යාමටත් පාසල් ප්‍රධාන ගේට්ටුව භාවිත කළ යුතුය. විවෙික කාලයේ දි පාසලේ අනුමැතියක් නොමැතිව පාසල් සීමාවෙන් පිටත හැසිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
  • පාසලට නොගැලපෙන අයුරින් හැසිරීම හා විද්‍යාලීය නිතිරිති අනුගමනය නොකරන අකීකරු දරුවන් සුමගට ගැනීම විදුහල්පති හා ගුරුභවතුන් සතු වගකීමකි.එම දරුවන්ට දඩුවම් දීමට ( විනය කමිටුවේ අනුමැතිය මත ) ආචාර්ය මණ්ඩලයට හැකිවේ. 
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නෙපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • කාණ්ඩ විෂයයන් සදහා වෙනත් ස්ථානයකට යනවිට හා නැවත පන්තියට පැමිණෙන විට පේලියට යා යුතුය. එක් එක් විෂයට අදාල සිසුන්ගේ නාමලේඛනයක් විෂය භාර ගුරුවරයා විසින් පවත්වාගනෙ යා යුතු අතර සහභාගී වූ /නොවූ බව සටහන්කොට විෂය නායකයා/නායිකාව මගින් පන්තිභාර ගුරුවරයා වෙත යැවිය යුතුය. අවසාන කාලච්ඡේදයේ කාණ්ඩ විෂයයන් සදහා පිටත්ව යන්නේ නම් එම ස්ථානවල සිටම ගාථා ගායනා කොට පාසලෙන් බැහැර විය යුතුය.
  • දරුවන්ට මතුවන ඕනෑම ගැටළුවක් ප්‍රථමයෙන් පන්තිභාර ගුරුවරයාට දැනුම් දිය යුතුය. අදාල ගුරුවරයා නොමැති අවස්ථාවක පමණක් අංශ භාර හෝ විෂය භාර ගුරුවරයාට දැන්විය යුතුය.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • පාසල් අධ්‍යයන කාලය තුල අවසරයකින් තොරව කිසිදු ක්‍රීඩා පුහුණු කටයුත්තකට සහභාගී වීමට අවසර නොලැබේ. ක්‍රීඩා ඇදුම් සහිතව ක්‍රීඩා පිටියේ හැර වෙනත් කිසිදු ස්ථානයක රැදී නොසිටිය යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසලේ හා පන්තිකාමරයේ උපකරණ ආරක්ෂා කළ යුතුය. ඉදල් කොසු ආදිය පිරිසිදු කිරීමෙන් පසු අදාළ ස්ථානයක ගෙනවිත් තැබිය යුතුය. මේ පිළිබද සොයා බැලීම පන්තිභාර ගුරුතුමාගේ පන්ති නායක නායිකාවන්ගේ අදාල ශිෂ්‍ය නායක නායිකාවන්ගේ වගකීමකි.දරුවෙකු දින දෙකකට වඩා පාසලට නොපැමිණෙන්නේ නම් දෙමාපියන් විසින් පන්තිභාර ගුරුතුමාට දැනුම් දිය යුතුය. 
  • පාසල නියෝජනය කිරමින් සහභාගී වන ඕනෑම අවස්ථාවකට පාසල් නිල ඇදුමෙන් සහභාගී විය යුතු අතර පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • චරිත සහතික හා අස්වීම් සහතික නිකුත් කරනු ලබන්නේ සිකුරාදා දින පෙ.ව 9.00 - 12.00 දක්වා වන අතර අස්වීම් සහතිකය නිතුත් කරනු ලබන්නේ දරුවා පාසලට භාර දුන් තැනැත්තාට පමණි.
  • පාසලින් පිටත්ව ගියද යම්කිසි සහතිකයක් හෝ ලිපියක් ලබා ගැනීමට ඔබ පැමිණෙන විට ශිෂ්‍ය වාර්තා පොත රැගෙන ඒම ඉතා වැදගත් වේ. එමෙන් ම පාසලට සුදුසු ඇදුමකින් පැමිණීම අනිවාර්ය වේ.