කල්එළිය ගමේ අතීතයට යන විට අපට හමු වන ප්‍රධාන කාරණයක් වන්නේ කල්එළිය යන නම පට බැදුණු ආකාරයයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ගමන් කරන අත්තනගල්ල පාර තිබී ඇත්තේ කල්එළිය ගම මැදිනි. රජු නතර වු ස්ථානය තානායම් වත්ත නමින් හැඳින් වුණි.මෙම ප්‍රදේශය තවමත් තානායමත්ත නමින් ජන විවහාරයේ පවතී.
19 වන සියවසේ කොළඹ පරම විඥාණාර්ථ බෞද්ධ සමාගමට අයත්ව තිබුණු මෙම භූමි කොටස පෞද්ගලික ලෙස ආරම්භ විය ඒදවස පළාත් ලේකම් වශයෙන් සිටි වලව්ව පිස්කල් රාලහාමි මහතා ශාලාවක් ඉදි කර තිබේ.මෙය කල්එළිය පාසල ඇති ස්ථානයේ ආරම්භ කරන ලද මුල් ම ගොඩනැගිලලයි.
1915 වසරේ දී අභිනව පාසල බිහි වු අතර පාසල් ගොඩනැගිලි පොල් අතු සෙවිලි කර තිබු බවත් පාසලේ ළමුන් 25 දෙනෙකුත් පමණ අධ්‍යාපනය ලැබු බවත් එවකට පාසලේ මුල් ගුරුවරයා වශයෙන් ඉඹුල්ගොඩ මහත්මිය ප්‍රධානත්වය දැරූ බවත් ඉතිහාස තොරතුරු වලින් අනාවරණය වෙයි. මෙම පාසල මුල් යුගයේ කාන්තා පාසලක් වශයෙන් පවත්වාගෙන ගිය බවත් එහි සිංහල මුස්ලිම් දෙපිරිසම ඉගෙනුම ලැබූ බවත් පාසල් නිල ඇදුම වශයෙන් රෙද්ද හැටිටය භාවිත කර ඇත. තවද ඒම කාලයේදී ම මෙම පාසලේ තුන ශ්‍රේණියට පමණක් පිරිමි සිසුුුන් ඇතුලත් කර ගත් අතර පිරිමි සිසුුුන්ගේ පාසල් ඇදුම වුයේ සරම සහ කමිසයයි.
එදවස පාසලේ දියුණුව සඳහා උදව් උපකාර කළ පිරිසක් ගැන ඉතිහාස තොරතුරු වල සඳහන් වෙයි. වළව්වේ පිස්කල් රාළහාමි , නැදුන්ගොල්ලේ රාළහාමි, මිරිසේ රාපක්ෂ මහතා ආදී මහත්වරුන් පෙන්වා දිය හැකි ය.
1961 දී මෙම පාසල රජයට පවරා ගන්නා ලදී.ඒහිදී මෙම විද්‍යාලය මිශ්‍ර පාසලක් බවට පත් විය. මෙම පාසල රජයට පවරා ගන්නා තෙක් සේවය කරන ලද විදුහල්පතිතුමියන් ලෙස ඉඹුල්ගොඩ මහත්මිය, ඩී.ආර්. කුලතිලක මහත්මිය, දිසානායක මහත්මිය පෙන්වා දිය හැකි ය.ඒ අතර පාසල නගා සිටුවීම සඳහා කටයුතු කරන්නට යෙදුණු අයෙක් වශයෙන් වී.බී රාජකරුණා මහත්මිය පෙන්වා දිය හැකිය.
රාජකරුණා මහත්මිය සේවය කරන වකවානුවේ දී පාසල තුල භෞතික සම්පත් වලින් පියවරක් ඉදිරියට ගනිමින් පොල් අතු සෙවිලි කළ ගොඩනැගිලි දෙකක් සහ 1920 දී පමණ කාර්යාල ගොඩනැගිල්ලක් ගම්වාසීන්ගේ ප්‍රධානත්වයෙන් ඉදි විය. මෙතුමිය සේවය කළ කාලය අවුරුදු පහළොවක් විස්සක් පමණ කාලයක් වුවද ඒ් කාලය ඇතුලත පාසලේ සීල භාවනා වැඩසටහනක් මගින් ළමුන්ගේ අධ්‍යාත්මික දියුණුවට කටයුතු කරන්නට යෙදුණි.

1950 දී පමණ හාපිටිගම බෞද්ධ ගුරු විද්‍යාලයේ පැවැත්වුණු කවි සංවාදයකින් දෙවැනි ස්ථානය මෙම පාසලට හිමි විය. 1953 වසරේදී පාසලේ ගුරුවරුන් දස දෙනෙක් සහ සිසුන් දෙසීයක් දක්වා වර්ධනය වී ඇත. මෑත කාලයේ දී මෙම පාසල තුළ සේවය කරන ලද මුල් ගුරුවරු වශයෙන් හදුන්වනු ලබන ගුරුවරුන් පස් දෙනෙක් පිළිබඳව ඉතිහාස තොරතුරු වල සඳහන් වේ. ගුණවර්ධන මහතා, ඒ්.එම්. පෙරේරා මහතා, මුතුගල මහත්මිය, වනිගසූරිය මහත්මා, ප්‍රේමසූරිය මහත්මා යන පස්පළයි.





